රවීට මාංචු වැටෙන ලකුණු – ආරංචි පැතිරේ

ravi-2මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ අවධානයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු ලබන වෙබ් අඩවියක් පවසයි. මෙය මුට්ටිය දමා බැලීමක් බව දැන් ගන්නට ලැබී ඇත.

බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ, මෙරට ආර්ථිකය අර්බුදයට ලක් වී ඇති බවත් තමන් රවී කරුණානායක මුදල් ඇමති තනතුරට පත් කිරීමට එරෙහි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

පූර්ණ අධිකරණ බලතල සහ බලය ඇති ජනාධිපති කොමිසමක් හමුවේ බොරු සාක්ෂි ලබාදීම බරපතළ වරදකි. මේ අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂය රවී කරුණානායක වෙනුවෙන් ඉදිරිපත් වෙතැයි සිතීම අසීරුය.

මෙම අත් අඩංගුවට ගැනීමට පෙර හෝ පසු ඊට ප්‍රචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ඇමතිවරයෙකු පරණ නඩු හුටපට කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට තිබෙන බව ත්ට වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.