රවීව එජාප උපනායක ධූරයෙන් ඉවත් කරන්න – මාරපන කමිටුව නිර්දේශ කරයි

Ravi Karunanayake“තිලක් මාරපන කමිටුව” සිය වාර්තාව මගින් රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතිබවට වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තිලක් මාරපන කමිටුව පත්කර තිබුනේ බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහායි.

එම කමිටුවේ වාර්තාව පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබූ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව පරිපාලන නිලධාරීන්, නීතිඥයින් හා වෘත්තීය වේදීන් ඇතැලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.