රවී ඉක්මනින් පන්නන්න……

Ravi Karunanayakeශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීමට පත් කළ කමිටු වාර්තා නිර්දේශයන්ට අනුව කටයුතු කරමින්…එජාප උපනායක තනතුරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරණානායක මහතාව වහාම ඉවත් කරන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේදී එජාප මන්ත්‍රිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ තිලක් මාරපන කමිටුවේ වාර්තාව පසුගියදා එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.
එම වාර්තාවට අනුව රවි කරුණානායක මහතා උපනායක තනතුරෙන් ඉවත් වියයුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණු අතර ඊට පසු දින එජාප මහලේකම් කබීර් හෂීම් මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කරනු ලැබීය.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට තිබෙන අවස්ථාවට මෙය ප්‍රධාන වශයෙන් බලපාන බවට කරුණු දක්වා ඇති එජාප පසුපෙළ මන්ත්‍රි පිරිස කමිටු වාර්තා නිර්දේශයන් කෙරේ අවධානය යොමු කරන ලෙස පක්ෂ නායකයාගෙන් ඉල්ලා තිබේ. මේ අතර රවි කරුණානායක මහතාව එම තනතුරෙන් ඉවත් කරන ලෙස එජා පක්ෂයේ ජේ‍යෂ්ඨ මැති ඇමැතිවරුන් මෙන්ම එජා පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරුන්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.