රවී බැදුම්කර චෝදනා වලට උත්තර දෙයි

Ravi and Moneyපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව සහ එමඟින් තමාට සිදුවී ඇතැයි කියන අසාධාරණයක් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිදුකළ ඉල්ලීම අද දිනයේ කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කළද ඔහු එම ප්‍රකාශය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එහි එන ප්‍රධාන කරුණු වන්නේ ,

*ජනාධිපතිගේ ප්‍රකාශය අනුව රවී කරුණානායකට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු ය ඒත් කරුණානායක මන්ත්‍රී ට අනුව ලැබුණු වාර්තාවේ සඳහන් වන්නේ, වැරැද්දක් සිදුවෙලා තියනවාද කියා අදාළ ආයතන මඟින් සොයාබලා, එසේ වැරැද්දක් සොයා ගතහොත් පමණක්, අදාළ ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

*මෙය ක්‍රිකට් වලදී වයිඩ් පන්දුවක් එවපු වෙලාවක පිතිකරුවා එය නිදැල්ලේ යාමට ඉඩ හරිද්දී විනිසුරුවරයා පිතිකරුවාව දැවී ගිය බවට තීන්දුවක් දුන්නා සේය.

*බැදුම්කර ගනුදෙනුවලදී මුදල් ඇමති ලෙස කටයුතු කරමින් රාජ්‍ය බැංකු වලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කල බවට සමහර දේශපාලකයින් සහ ඇතැම් මාධ්‍ය විසින් ගෙනගිය ප්‍රචාරය අසත්‍ය බව ඔහු කියා සිටී.

මන්ද යත් කොමිසම දක්වා ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයා ගේ මැදිහත්වීම සධාරණ එකක් බවයි

*මුදල් ඇමති හැටියට ඔහු මහ බැංකුවට උපදෙස් දුන් බවට ගෙන ගිය පුළුල් ප්‍රචාර කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව ඔහු කියා සිටී.

*ඔහු හෝ මුදල් අමාත්‍යාංශය මේ ගනුදෙනු වලදී මහ බැංකුවට උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කොමිසම පිළිගෙන ඇති බව ඔහු කියා සිටී.

*රවී කරුණානායක මුදල් ඇමතිවරයා ගේ නිවස පිළිබඳව අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව සුදුසු පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කොට තිබෙනවා මිසක් නඩු පැවරිය යුතු බව ප්‍රකාශ කොට නැති බවයි ඔහු පවසන්නේ.

*රවී කරුණානායක මන්ත්‍රීවරයා කොමිසම ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ දැයි ගරු නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ බලධාරීන් සලකා බැලිය යුතු බවට කොමිසම නිර්දේශ කොට ඇතත් නඩු පවරන්න යැයි දක්වා නැතැයි මන්ත්‍රී වරයා පෙන්වා දෙයි.

*දියණිය සිය සමාගම වෙනුවෙන් කුලියක් ගෙවීම පිණිස ලබා ගෙන ආපසු ගෙවපු රුපියල් මිලියන 11 ක රිසිට් තමන් පෙන්වූ නමුත් ඒ පිළිබඳ තවදුරටත් සොයාබැලීමට කිසිඳු උත්සාහයක් එදා තිබුණේ නැති බවත් තමන්ට

අගතියක් වූ බව මන්ත්‍රීවරයා පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.