රවී සමග බැඳුම්කරේ එකොළහක් අත්අඩංගුවට නියෝග

Ravi Karunanayake

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නම් කළ පුද්ගලයන් දොළොස් දෙනෙක් අතරේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද සිටී.

රවී කරුණානායක මහතාට අමතරව අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇති සෙසු පුද්ගලයන් වන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්, රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිහේවා පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ කුමරනාදන්, ඉන්දික සමන් කුමාර යන පුද්ගලයන්ය.

අර්ජුන මහෙන්ද්‍රන් විදේශ ගතව සිටී. ඔහුව සිංගප්පූරුවෙන් ගෙන්වාගැනීමට එහි බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුව පවසයි.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.