රස කර කර කන කරවල සෞඛ්‍යාරක්ෂිතයි කියල ඔබ හිතන්නේද?

dryied-fishකරවල යනු ලාංකිකයින් තම ආහාරයට එක්කර ගැනීමට බොහෝ ප්‍රිය කරන්නෙකි. පසුගිය දිනක උතුරු පළාතේ සංචාරයක නිරත වීමට අවස්ථාව හිමිවූ මට පේදුරු තුඩුවේ කරවල වේලන දසුනක් දැක ගැනීමට හැකිවිය.

වෙරළෙහි පොල් අතු උඩ හෝ එසේත් නැතිනම් බිම අතුරා වේලෙමින් තිබුණු මාලු අනුභව කිරීමට පැමිණෙන කපුටන්ගෙන් අඩුවක් නොවිණි. සුනඛයින්ද එහෙ මෙහ අත දුවනවා දක්නට ලැබුණි. කරවල වේලීමටම ගොස් වයසට ගිය වැඩිහිටියන් තැනින් තැන සවස වියලි කරවල එකතු කර ගොඩ ගසනු ලැබුවේය. ඒ ඊළඟ දිනයේද කරවල වේලීමට ඒමේ බලාපොරොත්තුවෙනි.

කරවල මෙසේ සැකසීම සෞඛ්‍ය ආරක්ෂිතද යන පැනය එය දුටු විගස පැන නැගි නිසාවෙන් අපගේ පරිවර්ථක ලෙස කටයුතු කරනු ලැබූ දමිළ තරුණයාට එම පැනය මා යොමු කළෙමි.

‘ඔහුගේ පිළිතුර වූයේ ‘ඔය හොඳයි. මෙතන ටිකක් පිලිවෙලට කරවල වේලන තැනක්. සමහර තැන්වල ගියානම් කරවල ජීවිතයටම කන්නෙ නැහැ’ යනුවෙනි.

dried fishමෙහි ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳව වගකීම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පාරිභෝගික අධිකාරියේ වගකීම නොවේද? යන්නයි. ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කරනු ලබන දේවලට එතරම් විදේශ විනිමයක් උපයා ගත හැකි තත්වයට පත් නොවන්නේ මෙවැනි නිලධාරීන්ගේ නොසැලිකිලිමත්බව හා නිෂ්පාදකයන්ගේ පවතින අඩු දැනුම නිසාවෙනි. දැනට සිදුවන්නේ කරවල පිටරටවලින් ආනයනය කිරීමයි.

නමුත් ලංකාවේ මෙන්ම අනිකුත් රටවල සෞඛ්‍යාරක්ෂිතව කරවල වේලීම සිදුකරනු ලැබේ. මෙයින් වැලි දූවිලි වලින් කරවල වේලීමේදී වන හානිය අවම කර ගැනීමට හැකිවන අතර වැඩි මිලකට විකිණීමේ හැකියාව ලබා ගැනීමට පුළුවන.

ඒ කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන පරිදි ඉදිරි වසර කිහිපය තුළ මත්ස්‍ය නිෂ්පාදනවලට ලෝකයේ ප්‍රමුඛ තැනක් හිමිවෙයි. ඒ අන් කිසිවක් නිසා නොව දේශගුණික වෙනස්කම් සමග වැඩිවන ජනගහනයට සරිලන පෝෂ්‍ය පදාර්ත සහිත ආහාරයක් ලෙස මත්ස්‍ය නිෂ්පාදන ආහාරයට ගැනීමට ඇති හැකියාව නිසාවෙනි. ඒ අනුව අනාගතයේදී කරවලටද වැඩි වෙළඳ වටිනාකමක් හිමිවන භාණ්ඩයක් බවට පත්වීම නොවැලැක්විය හැකිය.dried fish

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.