
බැඳුම්කර කොමිසම ඉදිරියේ දුන් සාක්ෂි පිළිබඳව නීතිමය අර්බුදයකට ලක්ව සිටින හිටපු ඇමති රවී කරුණානායක පවසන්නේ :
“එක්සත් ජාතික පක්ෂය තුළ යම් යම් ගැටලු තිබෙනවා නම්, මේක මේ හන්දි ගානේ කතා කළ යුතු ප්‍රශ්නයක් නොවෙයි.”
මෙය දැන් ගමින් ගමට යන සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන කළ ප්‍රකාශයක් බව පෙනෙන්නට තිබේ .හුදකලාවේ ප්‍රශ්න විසදන්න බැරි බව පවසන
හිටපු ඇමති වරයා පවසන්නේ පක්ෂය තුළ කතිකාවක් කොට සතියක් ඇතුලත ප්රශ්නය විසදන බවයි.
රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේ, එලඹෙන නව පාසල් වාරය වෙනුවෙන් උතුරු කොළඹ සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාසැල් ශුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
“අපට රාජපක්ෂවරුන්ගෙන් ලබාගත හැකි ලොකුම පාඩම තමයි, එතුමාලා පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම. ඒක අපි ආදර්ශයට ගත යුතුයි.”