රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති, හිටපු හොරාට වඩා ලොකු හොරෙක් – සුනිල් හඳුන්නෙත්ති

sunil-handunneththiරාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති අනුරුද්ධ ගම්පොල මහතා මුදල් වංචා කිරීම හේතුවෙන් වාර කිහිපයකදී බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතේ කොන්ත්‍රාත් සමාගමක් හරහා කරනු ලැබූ වංචාවන් සම්බන්ධයෙන් අනුුරුද්ධ උඩුගම්පොළ මහතා මෙසේ බන්ධනාගාර ගත කර තිබේ.

අනුරුද්ධ ගම්පොළ මහතා කලින් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධූරයක් දරා ඇති අතර එකල නීති විරෝධීව පුද්ගලයෙකු ජපානයට රැගෙන යාමට උත්සාහ කිරීම හෙළි වීමත් සමග පක්ෂයෙන් ඉවත් කළ බවද සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙරේදා (06) ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය. එසේම අනුරුද්ධ උඩුගම්පොළ මහතා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් ඉවත් කළ පසු රාජපක්ෂවරුන්ට එකතුවූ බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව යහපාලන රජය සංස්ථාවල සභාපතිවරුන් ලෙස පත්කරනු ලබන්නේ රාජපක්ෂ පාලන සමයේ වංචා දූෂන සිදුකළ අය බවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කර තමන්ට ඕනෑ පරිදි හොරුන්ට, මංකොල්ලකාරයින්ට තනතුරු දීම වහාම නතර කළ යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එසේම අත්අඩංගුවට ගෙන ඇති හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී යන දෙදෙනා විසින් අල්ලස් ගත්තේ කවුරුන් වෙනුවෙන්ද යන්න හෙලි කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්නැයි විමර්ශණ නිලධාරීන්ගෙන් හදුන්නෙත්ති මහතා ඉල්ලා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.