රාජිතගේ ලේකම්වරු සීරුවෙන් – මාධ්‍ය ලේකම් පියාපත් සලයි

Rajitha Senarathne

හිටපු ඇමති රාජිත සේනාරත්න හා ගනුදෙනු කළ සංස්ථා සභාපති වරුන් සහ ලේකම් වරුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන හෙයින් ඔවුන් ඉතා විමසිලිමත්ව කටයුතු කරන බවයි ආරංචි වන්නේ.

මේ අතරවාරයේ වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.අයි.ජේ. විජේනායක (මලිත්) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගත් බව කියමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 14දා ඔහුගේ නිවස වටලා ඇතත් එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැත.

වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.අයි.ජේ. විජේනායක (මලිත්) රටින් පළා ගොස් ඇතැයි වාර්තාවේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගත් බව කියමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 14දා ඔහුගේ නිවස වටලා ඇතත් එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැත.

CID නිලධාරීන් මලිත් විජේනායකව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක ‘සුදුවෑන් මාධ්‍ය හමුව’ හා ඒ සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන රියදුරන් දෙදෙනා CID ප්‍රශ්න කිරිම් හමුවේ කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහාය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය මෙහොමඩ් හෂීම් මෙහොමඩ් රූමී මහතා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විමර්ශකයන්ගේ දැඩි අවධානයක් යොමු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.