රාජිතට හෘදයාබාධයක් ?

Rajitha Senarathne

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු එම රෝහලේ හෘද රෝගී ඒකකයේ හදිසි සැත්කමක් සඳහා සූදානම් කරමින් ඇතැයිද වාර්තා වී ඇතත් මෙම වාර්තා තාමත් තහවුරු වී නැත.

අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර ඇති සේනාරත්න මහතා දින කිහිපයක්ම පොලීසියටත් කට්ටි පනිමින් සිටියදී මෙසේ හෘදයාබාධයක් වී තිබේ.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්වය මත රෝහලෙන් බැහර ගෙන යාම අපහසු තත්වයක ඇතැයිද වාර්තා වේ. පොලිස් නිලධාරීන් මේ වන විට රෝහලෙන් නික්ම ගොස් ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.