රාජිත ගේ මැයි රැළිය යාපනේ

Rajitha Senaratna“උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැළිය” යන තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන මැයි රැළිය සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත.

ඒ යාපනය පේදූරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානයේ දී ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න සහ එම ව්‍යාපාරයේ දමිළ නායක පී. විජයකාන්ත් ද රැළිය ඇමතීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ පළමු මැයි රැළිය 2016 වසරේ දී කොළඹ දී පැවැත්විනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.