
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාට දන්වා නිසි ක්‍රමවේද අනුගමනය කොට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇත. මෙම නියෝගය නත්තල් දා ක්‍රියා ක්‍රියාත්මක වෙතැයි වාර්තාකරුවන් පවසති.
මේ සඳහා උපදෙස් ලබාදී ඇත්තේ නීතිපතිවරයාය. ඒ අනුව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ.
රාජිත සේනාරත්න මහතා පවසා සිටින්නේ සුදු වෑන් ගැන හොයා බැලීම සඳහා තමන් නිරන්තරයෙන්ම සහය දෙන බවයි.