රාජිත හොරෙක් නොවෙයි

Rajitha Senarathne

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බවත් ඔහුට පිරිත් නුල් බැඳීම මානුෂික හේතු මත සිදු වුවක් බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. තමන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පණිවිඩයක් රැගෙන ගිය බවට පැතිරෙන කථා වල සත්‍යයක් නැති බව උන්වහන්සේ පවසති .

ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල පුද්ගලයින්ට සලකන ලෙසද උන්වහන්සේ පැවසුහ . දොස්තර පාදෙණිය මහතාට සෞක්‍ය අමාත්‍යංශ ලේකම් පදවිය ලබා නොදෙන තමන් ජනාධිපතිවරයාට කියා සිටියේ එක් සංගමයක නායකයෙකුට පමණක් විශේෂත්වයක් ලබා දීම සාධාරණය නොවන නිසා බව උන්වහන්සේ පැවසුහ.

රාජිත හෝ ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නැතිව පෙර පැවති ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුවද පාණ්ඩුවක් කර නොගන්නා ලෙසද තමන් ඉල්ලා සිටින බව උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ. තමනට එල්ල වී ඇති චෝදනා ගැන පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.