
අලුත්ගම ප්‍රදේශයේ බෝතල් කළ රා ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ ලංකාදීප මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා හට මැරයින් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත.
අලුත්ගම ඔහුගේ නිවසට පැමිණි මැරයින් ඔහුට කියා ඇත්තේ මේ වාර්තා කිරීම නතර කළ යුතු බවයි. ඔහුගේ නිවසට ඇතුළු මැර ප්‍රහාර එල්ල කරන අතරතුර ඔහුගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය පැහැර ගෙන ඇති අතර බිරිඳටත් පහරදී තිබේ. ප්‍රතිකාර සඳහා මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා අලුත්ගම රෝහලට ඇතුල් කොට ඇත.
සුරාබදු අණ පනත්වලට පටහැනිව කෘතිම රා නිෂ්පාදනය කළ කීපදෙනෙක්ම පසුගියදා අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ නිෂ්පාදනාගාර වල ලීටර් 20000 වැඩිවූ ප්‍රමාණය රා නිෂ්පාදනය විය.
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රා නිෂ්පාදනය කළ ස්ථාන දෙකක් පසුගියදා වටලන ලද අතර වටලන ලද අතර ඇමෝනියා ඇතුළු කෘත්‍රිම ද්‍රව්‍ය යොදා ගනිමින් රා නිෂ්පාදනය කර ඇති බව වාර්තා විය. නම ගිය පාතාල නායකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාට කප්පම් වශයෙන් රුපියල් තිස් දහසක මුදලක් දිනකට ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. නීති විරෝධී ස්කාගාර වලටසම්බන්ධ දේශපාලන කණ්ඩායම් සිටින බවයි වාර්තා වන්නේ.