රියදුරු බලපත්‍ර රස්තියාදුව හමාරයි

ආයතන වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භකොට ඇති වැඩසටහන යටතේය වඩා කාරයක්ෂම රියදුරු බලපත්‍ර ලබාගත හැකි ක්‍රමයක් ඉදිරිපත් කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණයක නිරතවීමෙන් පසු මහජනතාවට කඩිනම් සේවාවක් ලබාදීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව මේ පියවර ගැනීම සාධනීය වන නමුත් තමන්ගේ ආයතන හදා ගැනීම සඳහා ජනාධිපතිවරයා පැමිණෙන තුරු සිටිය යුතු නැත.

රියැදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණයට පෙනී සිටීම සඳහා දිනය සහ වේලාව අන්තර් ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ හැකියාව ලබන සඳුදා (27දා) සිට ලැබෙන බව ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.

ඒ අනුව ඉදිරියේදී රියැදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේදී කිසිදු රස්තියාදුවකින් තොරව ඕනෑම අයෙකුට සිය නිවසේ සිට අන්තර් ජාලය ඔස්සේ දිනය හා වේලාව වෙන් කරවා ගත හැක.

ඉදිරියේදී එය තවත් පුළුල් කරමින් ජංගම දුරකථනය ඔස්සේද එම පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව අන්තර් ජාල යෙදවුම හඳුන්වා දීම සඳහා පසුගියදා (22දා) අමාත්‍යාංශයේදී පැවැති උත්සවයේදී ප‍්‍රවාහන සේවා කළමනාකරණ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණයක නිරතවීමෙන් පසු මහජනතාවට කඩිනම් සේවාවක් ලබාදීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහි එක් පියවරක් ලෙස මෙම අන්තර් ජාල පහසුකම සැපයීමට පියවර ගෙන ඇත.

වසර අවසන් වීමට පෙර ජනතාවට නිවසේ සිටම රියැදුරු බලපත‍්‍රය ලබා ගත හැකි වන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.