රිය අනතුරින් කාන්තාව මරණයට පත්කළ හිටපු විනිසුරු ගෙන් ලක්ෂ පහක්

Lowමාරක රිය අනතුරකින් කාන්තාවකට මරු කැඳවා 17 හැවිරිදි පාසල් සිසුවියකට බරපතල තුවාල සිදුකිරිමේ චෝදනාවට රිමාන්ඩ් කළ විශ්‍රාමික හිටපු මහාධිකරණ විනිසුරුවරයකු ඇප මත මුදාහැරීමට වාරියපොළ මහේස්ත්‍රාත් ශ්‍රිමතී රාජපක්ෂ මහත්මිය ඊයේ (23) නියම කළාය.

කෑගල්ල මොළගොඩ පදිංචි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් එස් නම්බුවසම් මහතා මෙලෙස ඇප මත මුදා හැරිණි. තවද රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

මීට අමතරව මියගිය කාන්තාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම රුපියල් ලක්ෂ පහක මුදලක් ඇගේ සැමියාට අධිකරණයේ දී ලබා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.