රිය අනතුරු හේතුවෙන් දිනකට මරණ දහයකට වඩා වැඩි

accident-b2017 වසරේ සිදුවු මාරක රිය අනතුරු දෙදහස් නවසීය දහයකින් පුද්ගලයින් තුන්දහස් හැත්තෑඅට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අතරින් වැඩිපිරිසක් මිය ගොස් ඇත්තේ යතුරුපැදිකරුවන් බවයි. එම සංඛ්‍යාව 998ක්. මාරක රිය අනතුරුවලින් මිය ගොස් ඇති පදිකයින් සංඛ්‍යාව 935ක් වනවා.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සමීක්ෂණයකට අනුව අනාවරණ වී ඇත්තේ රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 10 දෙනෙකු මියයන බවත් තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වන බවයි.

ඒ අනුව 2017 වසරේදී යතුරුපැදිකරුවන් පාපැදිකරුවන් මෙන්ම පදික මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත්තේ අපරීක්ෂාකාරී රිය ධාවනය, අධික වේගය සහ මාර්ග සංඥා පිළිබඳ නොදැනුවත් බව යන කරුණු හේතුවෙන් බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.