පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේද ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000කට අධික ඉඩම් ප්‍රමාණයක් අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් තුළ රැස් කර ගෙන ඇති බවත් එසේ දේපළ රැස්කරගෙන ඇත්තේ පැවති රාජපක්ෂ පාලන සමයේදී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.
වර්තමාන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ පිළිබඳ විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කර ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000කට අධික ඉඩම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ 2011 ඔක්තොම්බර් මාසයේ සිට 2014 ජුලි මාසය අතර කාලයේදී බවයි.
ඒ අනුව පැහැදිලිවම සනාථ වන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙසේ ඉඩම් රැස්කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සිටියදීය.
තම පවුලට ඇත්තේ අක්කර 55ක් බවත් වැඩිපුර ඉඩම් තිබේ නම් එම ඉඩම් එම චෝදනාව නගන එස් බී දිසානායකට ලබා දෙන මෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පමිණි බදුදීදීන් හිටපු ඇමතිවරයා පැවසීය