රිෂාඩ් සොයුරු රිෆ්කාන් රිමාන්ඩ්

පසුගියදා අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ රිෂාඩ් බදුර්දින් හිටපු අමාත්‍යවරයාට සහ පවුලේ අයට ඉඩම් අක්කර1000 කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි. බදුර්දින් ඇමතිවරයා කියා සිටියේ මේ චෝදනාව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් ඉල්ලා අස්වී ඔය කියන වැඩිපුර ඉඩම් එස් බී දිසානායක ඇමතිවරයාට පවරාගන්නා ලෙසයි.

මේ අතර වාරයේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දින් ගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කොට ඇත. රිෆ්කාන් පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව සැකකරු ලබන 06 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.