රේගුවෙන් පොලිසියට දබරැඟිල්ල

shani-abeysekera

රේගුව නිසියාකාර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට ආදායම් අහිමි වෙන අතරම පරිසරේට හා ජනතාවට විපත් පැමිණෙන බව පොලිසිය කියා සිටි.  ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිතව නිසි පරීක්ෂාවල යෙදී නිසි ලෙස දඩ මුදල් අය කර ගන්නේ නම් ශ්‍රී ලංකාවේ අයවැය පරතරයෙන් සියයට 75ක් පියවා ගත හැකි බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජූලි 24 වන දා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශය නිසා රේගු නිලධාරීන් අතරේ සාකච්ඡාවක් ඇති වි ඇතිවී තිබේ.

“ඇත්තට ම මේ රටට එන්න ඕන ආදායම මං හිතන්නෙ, අයවැය පරතරය පියවන්න පුළුවන් සීයට හැත්තෑපහකින් වරායයි, එයාපෝර්ට් එකයි ක්‍රියාත්මක වෙනවා නම්. අපි පහුගිය කාලෙ ඩිටෙක්ට් කරල තියෙනවා, රත්තරං කිලෝ දහයක්. කස්ටම් එකෙන් චෙක් කරල ආවට පස්සෙ අපි ඇල්ලුවේ. ඇඟේ තිබුණේ. බෑග් එකේ නෙවෙයි. ඩිටෙක්ෂන් 40ක් 50ක් කරල තියෙනවා. රත්තරං ගේනවා. හෙරොයින් ගේනවා,” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසීය.

“සමහර තැන් තියෙනවා, කස්ටම් එකේ ඒරියා එකට ඇක්සස් (ප්‍රවේශය) දෙන්නෙ නැහැ සීසීටීවී එකේ වත්…. අපි ඩිටෙක්ෂන් එකක් ගෙනිච්චත් උදේ හයට ගෙනිච්චොත් මොක ද ආවෙ කියලා අහන්නේ හැන්දෑවෙ හයෙන් පස්සේ. එක අවස්ථාවක මට සිද්ධ වුණා ගරු නීතිපතිතුමාගෙන් නිර්ණායකයක් ගන්න, අපිට කොහෙ ද ඩිටෙක්ෂන් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සමහර ඒරියාස් තියෙනවා, අපට ඩිටෙක්ට් කරන්න බැහැ කියලා. ඉතින් එතන ප්‍රශ්න ඇති වුණා ඒ හිටපු ඕ අයි සී එක්ක කස්ටම් එකේ. ඊට පස්සේ මම ලිඛිතව ලිව්ව, නීතිපතිතුමාට මේ ගැන උපදෙසක් දෙන්න කියලා. නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා එහෙම පොලිස් නිලධාරීන්ට ඩිටෙක්ෂන්ස් ගන්න ඒරියා එකක් නැහැ කියලා.”

ප්‍රශ්නයක් යොමු කරමින් කාරක සභා සාමාජික මහාචාර්ය ආශු මාරසිංහ විමසුවේ, ශ්‍රී ලංකාවට ගෙන ආ පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණ පිළිබඳ දත්ත අවශ්‍ය වුවහොත් එම වාර්තා ලබා ගැනීමට රේගු දත්ත ගබඩාවලට (database) පිවිසීමට හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබේ ද? යනුවෙනි.

“එහෙම අපට ඇක්සස් නෑ ඒකට සම්බන්ධ වෙන්න. අඩු ම තරමින් අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එකේවත් අපිට ඩිරෙක්ට් ඇක්සස් එකක් නැහැ සී අයි ඩී එකට. ඇත්තට ම කනගාටුයි එහෙම කියන්න. ඉමිග්‍රේෂන් එකේ (ආගමන විගමන දෙපාර්තමේන්තුව) කවදාවත් අපට ඇක්සස් දෙන්නෙ නෑ. සීසීටීවී හයි කරලා තියෙන එකේවත් ඇක්සස් දෙන්නෙ නෑ අපට බලන්න,” පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසීය.

රේගුවේ ප්‍රතිචාරය

“රේගුවේ කටයුතුවලට සෘජුව මැදිහත් වීමට ගොඩක් අය උත්සහ උත්සාහ උත්සාහකරමින් සිටියත් තමන් වැඩ කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව බව රේගු අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

“සී අයි ඩී එක කියන විදිහට අපිට හැම කෙනෙක් ම හැම පාර්සලයක් ම සම්පූර්ණයෙන් සෝදිසි කරන්න බැහැ. අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව. හැම මගියෙක් ම පරීක්ෂා කරන්න ගියොත් රටට සංචාරකයෝ එන එක අඩු වෙයි. හැම පාර්සලයක් ම නැවක් ම පරීක්ෂා කරන්න ගියොත් එක නැවක්වත් ලංකාවට එන එකක් නැහැ. අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆැසිලිටේෂන් ගිවිසුම අනුව වැඩ කරන්න ඕන.” යැයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.