රෝද දෙකේ මාරයා හිස ඔසවයි

කොළඔ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මෝටර් සයිකල් හේතුවෙන් අනතුරට පත් පත්වන රිය එකට වැඩි දෙනෙක් පැමිණෙති. මෝටර් බයිසිකල් පදින්නන් අතුරින් තුරින් වැඩිම දෙනෙක් අනතුරට පත් වෙන්නේ පළමු අවුරුද්ද තුළදී ය.

* ශ්‍රී ලංකාවේ වාහන සංඛ්‍යාව වැඩිවීම අනතුරු වැඩි වීමට ප්‍රධාන හේතුවකි.2008 වර්ෂයේ ලංකාවේ තිබුණේ වාහන ලක්ෂ 33ක් පමණ. 2018 වනවිට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 7 7 කි.

*අනතුරුවලින් වැඩි ප‍්‍රමාණයක් වෙන්නේ සදුදා, බදාදා, සිකුරාදා දිනවල උදේ 8.00 සහ හවස 4.00 වැනි වගේ කාර්බහුල කාලසීමාවේදී.

*. බහුතරයක් මෝටර් සයිකල් රියැදුරන් කාර්යබහුල වෙලාවන්වල වාහන අතර තිබෙන ඉඩ ප‍්‍රමාණයෙන් ඇතුළට රිංගමින් ඉදිරියට ගමන් කිරීමේදී අනතුරට ලක් වෙති.

*රථවාහන අනතුරු නිසා සිදුවන මරණ ප‍්‍රමාණය අනුව ශ‍්‍රී ලංකාව 2017 වර්ෂයේදී ලෝකයේ 98 වෙනි ස්ථානයේ තිබුණි. 2018 වසරේ පමණක් රට තුළ යතුරුපැදි මාරක අනතුරු 10,491 ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 1,227 දෙනකු මරණයට පත්ව ඇති බව ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ දත්තවල සඳහන්ය. 2016 වර්ෂයේ යතුරුපැදි මාරක අනතුරු 1,178 ක් සිදුව ඇත.

*නිල දත්ත අනුව ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාවෙන් 43,83,182 ක් මෝටර් සයිකල් ය. 2018 වර්ෂයේ පමණක් මෝටර් සයිකල් නව ලියාපදිංචි කිරීම් 3,38,433 ක් සිදු වී ඇත. මෝටර් සයිකල් ලියාපදිංචිය වෙනත් පාර්ශ්වයන්ට මාරු කර ලියාපදිංචි කිරීම් 1,34,722කි.

*නීති විරෝධී මෝටර් සයිකල් අධිවේගයෙන් රජ වීම බරපතළ ගැටලුවකි.. චම්පික රණවක මන්ත‍්‍රීවරයාගේ වාහනයේ ගැටී තුවාල ලැබූ තරුණයා පදවා තිබුණේ 250 සීසී ධාරිතාවට වැඩි මෝටර් සයිකලයකි. එය කේටීඑම් ඩියුක් 990 වර්ගයේ ලොව ප‍්‍රචලිත යතුරුපැදියකි. එය 999.8 සීසී ධාරිතාවකින් යුතුය. එවැනි මෝටර් සයිකල් මහාමාර්ගයේ පැදවීම නීතිවිරෝධී නැතැයි ඇතැම් යතුරුපැදි ධාවකයෝ තර්ක කරති.

*රියැදුරු බලපත‍්‍රයක් ගත් විගස සීසී 100ට ඉහල මෝටර් සයිකලයක් පදින්නට ඉඩදීම අනතුරට අතවැනීමකි. අන්තර් ජාතික ක‍්‍රමය වන්නේ රියදුරු බලපත‍්‍රයක් ලබාදෙනවිට සීසී 100ට පහළ මෝටර් සයිකලයක් පැද ඉන් අනතුරුව 250සීසී ධාරිතාවට වැඩි මෝටර් සයිකල් ගැනීමට අවස්ථාව ලබා දීමයි.

* රාත්‍රි කාලයට මෝටර් සයිකල් පිටුපසින් නොපෙනීම ද ප්‍රශ්නයකි මේ සඳහා විදුලි බුබුලක් දැල්වීම අනිවාර්ය කළ යුතුය.

* ෆුල්ෆේස් හෙල්මට් ගැන යළිත් සිතා බලා මෝටර් සයිකල් පැදීම සඳහා ජැකට් සහ බූට් අනිවාර්ය කිරීම වැදගත් විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.