රෝහල ඉදිරිපිට නොමිලේ ආහාර පාන වැඩපිළිවෙළ නවතී

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිටය ගෙන ගිය ජන පෝෂ වැඩසටහන නතර කිරීමට සිදුවී තිබේ මෙම ජනපද වැඩසටහන තුළින් රෝහලට පැමිණෙන රෝගීන්ගේ හිතවතුන් වෙනුවෙන් ආහාර නොමිලේ ලබාදෙන ලදී . මෙය ක්‍රියාත්මක කරන ලද්දේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසිනි.

පසුගියදා දිවයින පුවත්පතේ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් පළ කළ පුවතකින් අනතුරුව මෙම වැඩසටහන නතර කිරීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. එම වාර්තාවට අනුව මුස්ලිම් ජාතිකයින් මෙම ආහාරපාන ලබා දීමට උත්සුක වන්නේ ඇයිදැයි සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා ප්‍රශ්න කොට ඇත.

කෙසේ වෙතත් ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා පවසන්නේ තමන් මෙවැන්නක් ප්‍රකාශ නොකළ බවයි. තමන් ඉතා දැඩි කණගාටුවෙන් යුක්තව මෙම වැඩසටහන නතර කරන්නට තීරණය කළ බවයි ජනපෝෂ වැඩපිළිවෙලේ සංවිධායකයින් පවසන්නේ.

මේ තාක් කල් මෙම වැඩසටහනට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැති අතර එය ඉතා වැදගත් සද් ක්‍රියාවක් බව බොහෝ දෙනා පවසති. දිනකට පුද්ගලයින් දහසකට පමණ ඉතා රසවත්හා පිරිසිදු ආහාර වේලක් මෙම වැඩපිළිවෙළ මගින් සපයනු ලැබූ බවයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.