රෝහිත රාජපක්ෂට වැරදිලා සමාව ඉල්ලයි

තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටියි.

තමන් එම ප්‍රකාශය කළේ කිසියම් හෝ පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමේ අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු සඳහන් කරයි.

‘අනුන්ට ඊරෂ්‍යා නොකර බිරිඳත් සමඟ දරුවන් හදන්න’ යයි රෝහිත රාජපක්‍ෂ මහතා පසුගියදා තම ටුවිටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබූ අතර එයට සමාජ ජාලයන්හි විවිධ ප්‍රතිචාර පළ විය.

පෙර ප්‍රකාශය

තමන් රජයේ දේපළ කිසි දෙයක් භාවිත කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ගේ පුද්ගලික වත්කම් ප්‍රසිද්ධියට පත් කරන්නැයි පවසන්නේ ඇයි දැයි තමන්ට නොතේරෙන බව ද ඔහු පවසයි.

තම ට්විටර් ගිණුමෙන් පුද්ගලයෙකුට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා ඇත.

විධිමත් අධ්‍යාපනයක් ලබා රැකියාවක් කරන ලෙසද ඔහුගෙන් ඉල්ලා සිටිමින් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ වෙනත් පුද්ගලයන්ට ඉරිසියා නොකර බිරිඳක් සමඟ දරුවන් හදන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.