ලංකාවේ තේ වලට මම කැමතියි! – අයතුල්ලා කොමිනි

ඉරාණයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුණ ගැසුණු ඉස්ලාමීය නායක අයතුල්ලා කොමිනි මහතා පවසා තිබුනේ ලංකාවේ තේ වලට තමා ඉතා කැමති බවයි.

ඉරාණය බලා ගිය ජනාධිපතිවරයාව හමුදා ගෞරව සහිතව ඉතා උණුසුම්ව එරට රජය විසින් පිලිගත් බව ජනාධිපති මාධ්‍ය අංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එරට ජනාධිපති හසන් රුහානි මහතා අතර ද නිල හමුවක් පැවතියේය. එහිදී දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම, මෙරට සංචාරක ක්ෂේත්‍රය නැංවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.