ලංකා සහ කොදෙව්වන්ට බරපතළ දඩ

cricketsl

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබේ. ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායම් දෙකේ නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ජේසන් හෝල්ඩර්ට තරග ගාස්තුවෙන් 40% බැගින් දඩ නියම කර ඇති බව සඳහන් ය. ඊට අමතරව සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාටම තරග ගාස්තුවෙන් 20% බැගින් දඩ පනවා තිබේ.

එමෙන් ම දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12ක කාලය තුළදී මෙම වරද යළි සිදු කළහොත් එම නායකයා සඳහා තරග තහනමක් ද පනවනු ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.