ලක්ෂ 240 කුලී ගෙවූ ගොඩනැගිල්ලෙ නික්ම යයි – ඒ දූෂණය පැල්ලම විශාලයි

සබීතා පෙරේරාගේ සැමියාට අයත් මාසෙකට රුපියල් ලක්ෂ240 කුලියක් ගෙවන රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයේ අද යළි ස්ථාපිත කෙරුණි.

මෙතරම් කුලියත් ගෙවීමට ඉඩ දුන් අයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමෙන් තොරව හුදු කාර්යාලය මාරු කිරීමෙන් පමණක් ගැටලුව විසඳෙන්නේ නැත.

අක්‍රමිකතා සිදුව ඇති බවට වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණ වූ අතර, ප්‍රාග් සංවර්ධන ආයතනයට තවත් ලක්ෂ 225 ක් වියදම් කළ බවත් පැවසු විදුර වික්‍රමනායක අමාත්‍යවරයා, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට ලක්ෂ 96 ක් වශයෙන් සෑම මාසයකම වියදමක් දැරූ බවද පැවසීය.

කෘෂිකර්මාන්තයේ හෝ සේවකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් එම මුදල වියදම් කිරීමට තිබු මුදලක් මෙලෙස වියදම් කළ බවත් පැවසු විදුර වික්‍රමනායක අමාත්‍යවරයා අද දිනයේ සියලු ආයතන එකම ස්ථානයකට ගෙනැවිත් ඇති බවත් කියා සිටියේය.

අලුත් ඉදිකර තිබු ගොඩනැඟිල්ල වසර 5 ක් සඳහා ගිවිසුම් ගසා ඇති බවත් පැවසු ඒ මහතා, එම කාලය අවසන් වන තෙක් කිසිවෙකුට එම කොන්දේසිවලින් ඉවත් විය නොහැකි බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.