ලලිත් වීරතුංග විදෙස් ගමන් තහනම ලිහිල්

සිල් රෙදි නඩුවේ වරදකරුවෙකුවීමෙන් සිරදඬුවම් නියම වී සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීමට ලැබී ඇති ඇරයුමක් හේතුවෙන් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා ඇතිවිදෙස් ගමන් තහනම ලිහිල් කරන්නැයි, අභියාචනාධිකරණයෙන් සිදුකර තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතාගේ විදෙස් ගමන් තහනම ලබන මාර්තු මස 13 වැනිදා දක්වා ඉවත් කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදලක් නීති විරෝධී ලෙස යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් බවට කොළඹ මහාධිකරණය විසින් තීන්දුකර වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 50ක දඩ මුදල් නියමකළ අතර එම තීන්දුවට එරෙහිව ලලත් වීරතුංග මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

ඊට අදාලව වරදකරුවන් ඇප මත මුදාහැරි අතර විදෙස් ගමන් තහනම් කරන ලදී. එම තහනමට ඉවත් කරන ලෙස ඉල්ලා ලලිත් වීරතුංග මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීම ද පිළිගනිමින් වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.