ලසන්ත ඝාතනයට හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාංචු

lasantha-wickrematungeමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව පරීක්ෂණ සිදු කරන රහස් පොලිසිය විසින් එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගනු ලැබුණි.

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව රහස් පොලිස් ආරංචි මාර්ග මගින් පැවසෙයි.

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය, ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, එම පොලිස් බල ප්‍රදේශය භාර හිටපු පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි සහ හිටපු පොලිස්පතිවරයකු වන ජයන්ත වික්‍රමරත්න යන අය ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව එකී නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා මෙන් ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ,හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි සහ හිටපු පොලිස්පතිවරයකු වන ජයන්ත වික්‍රමරත්න යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කළේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයකු වන ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එවැනි මෙම පසුබිම යටතේය.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (පෙබරවාරි 14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රහස් පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය ( bbcS)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.