ලස්සන වෙන ආලේපන සමග කළු වළාවක්!

creamආනයනික රූපලාවන්‍ය ආලේපන තුළ ශරීරයට අහිතකර බැර ලෝහ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බවත් ඒවා ආලේප කරන කාන්තාවන් බොහෝ ප්‍රතිශතයක් විවිධ ආබාධවලට ගොදුරු වීමෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් හෙළිව තිබේ.

මෙම ශරීරයට විෂ ද්‍රව්‍ය අතර රසදිය, ඊයම්, සහ ආසනික් ඇත. මෙවැනි ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ආනයනයේදී හා භාවිතයේදී ලංකාව තුළ ක්‍රියාත්මක වන ලිහිල් නීති රාමුව මේ සඳහා රුකුලක් වන බව විද්වත්හු පෙන්වා දෙයි.

ව්‍යාපාරිකයන් විසින් චීනය, තායිලන්තය, ඉන්දියාව, පාකිස්ථානය හා උතුරු කොරියාව ආදී රටවල නිෂ්පාදිත අලේපන මේ රටට ගෙන්වන අතර ඒවා කිසිදු පරීක්ෂාවක් නැතිවම වෙළඳ පොළ වෙත ගලා එයි. විශේෂයෙන්ම චීනයේ හා ඉන්දියාවේ නිෂ්පාදනයන් මේ රටේ කාන්තාවන්ගේ රූපය සැරසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කාර්මික ආයතනය (ITI) විසින් කරනු ලබන පරීක්ෂණයකදී හෙලිව ඇත්තේ සමට ගල්වන ආලේපනයක් තුල තිබිය යුතු උපරිම රසදිය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ නීතියට අනුව කිලෝග්‍රෑමයට එක මිලිග්‍රෑමයක් වුවත් සමහර ආනයනික සමේ ආලේපන වන එය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 25,000ක් පමණ වන බවයි.

මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත කරන ලද විමසුමකදී ITI ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක ( අවශේෂ විශ්ලේෂණ රසායනාගාරය / residue analysis laboratory) එම්. එන්. ඒ මුබාරක් මහතා පැවසුවේ ආනයනය කරන ලද සමෙහි සුදු බව ඇති කරන ආලේපනවල ඇති රසදිය ප්‍රමාණය දැක පරීක්ෂකයන් පවා පුදුම වන බවයි.

‘විදේශයෙන් ආනයනය කරන ලද සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන සුදු වෙන ක්‍රීම් වර්ග 24 ක් විශ්ලේෂණය කිරීමේදී එයින් 13 ක් පමණක් රසදිය පවතින ප්‍රමාණය ලංකාවේ වලංගු සීමාවේ පවතින අතර මේවා සියල්ලම දේශීය නිෂ්පාදනය කරන ලද ඒවාය. සියළුම ආනයන කරන ලද නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගෙන තිබුණි. එයින් නිෂ්පාදන 2 ක 20,00mg/Kg රසදිය අඩංගු වී තිබූ අතර තවත් නිෂ්පාදන 2 ක 10,00mg/Kg – 15,00mg/Kg ත් අතර අගයක් ගෙන ඇත. එසේම අනිකුත් නිෂ්පාදන වල 5,00mg/Kg සහ 10,00mg/Kg අතර අගයක රසදිය අඩංගු වී ඇත. මේක ඉතා විශාල අගයක්. නමුත් මේ නිෂ්පාදන ලංකාවේ කාන්තාවන්ට අලෙවි කරනවා.

‘විලවුන්, උපකරණ සහ ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය හරියට ක්‍රියාත්මක වෙනවනම් අපට සාම්පල් රාශියක් පරීක්ෂණ සඳහා එවිය යුතුයි. නමුත් පසුගිය වසර 2 ක තුළ අපට ඇවිත් තියෙන්නෙ සාම්පල් ඉතාම සුළු ප්‍රමාණයක්’

‘විලවුන්, උපකරණ සහ ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරි පනත 2015 අංක 05 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ලෙස සංශෝධනය වුනාට පස්සෙ තමයි මේ හානිකර විලවුන් වෙළදපොළට ඒම වැඩිවුනේ’

‘කලින් පැවතුන විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරී පනත මගින් විළවුන් සඳහා නීති සම්පූර්ණයෙන්ම ආවරණය වුනා. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මගින් මූලිකවම නියාමනය වන්නෙ ඖෂධීය බෙහෙත් විකිණීම නිෂ්පාදනය සහ ආනයනයයි.

ඖෂධ පරීක්ෂකවරු, ආහාර සහ ඖෂධ පරික්ෂකවරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැන් විළවුන් හා සම්බන්ධ දේ පරීක්ෂා කරන්නෙ නෑ කලින් පනත තියෙනකොට විලවුන් ගැන පැහැදිලිවම පවසා තිබුනා.

විළවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය පනත මගින් අපි රූපලාවන්‍යාගාර වැටලුවා. සාම්පල් අහඹු ලෙස තෝරාගෙන පරීක්ෂා කළා. පදික වෙළදාම් සහ සමේ අලේපන විකුණන සාප්පු පරීක්ෂා කළා. නමුත් අලුත් පනත මගින් විලවුන් සම්බන්ධ වැරදි සඳහා නීතිමය පියවර ගැනීමට පැහැදිලිව උපදෙස් දී නැති නිසා අපි අකමැතියි එසේ වටලන්න.

ව්‍යාජ ප්‍රාමාණික විළවුන් චීනෙන් ගේන්නෙ බැගේජ්වල දාලා. සමහර ඒවා විකුණන්නෙ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරලා. හමේ ආලේපන වලට අමතරව ලවනාලේප, නියපොතු පොලිෂ් සහ අයි ලයිනර් මෙසේ රටට ගේනවා. මේවායේ තත්වය පරීක්ෂා කළ යුතුයි. නියාමන බලධාරීන් මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්නෙ කොහොමද කියලා අපි බලන් ඉන්නවා.’

සෞඛ්‍ය අමාත්‍යංශය නීතිමය පියවර ගැනීමට ප්‍රමාද නිසා පාරිභෝගික අධිකාරිය සමේ සුදුබව ඇතිකරන සහ විරංජනකාරක ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනා. ඒ අනුව මැයි 01 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් සමේ ආලේපනවල තිබිය යුතු උපරිම බැර ලෝහ ප්‍රමාණය SLS 743 ප්‍රමිතියට අනුව පැවතිය යුතු බව අවධාරණය කළා.

ගැසට් නිවේදනයට අනුව සමේ ආලේපන වල රසදිය ප්‍රමාණය 1mg/kg, ඊයම් 10mg/kg, ආසනික් 3mg/kg වේ. නිෂ්පාදකයන්ට ආනයනය කරන්නන්ට සහ බෙදා හරින්නන්ට මේ සඳහා සූදානම් වීමට නොවැම්බර් 01 වෙනිදා දක්වා කාලය ලබා දී ඇත.

එසේම මෙම අලේපනවල නිෂ්පාදන නාමය, ආනයන කරුගේ හෝ බෙදා හරිනු ලබන්නාගේ ලිපිනය, නිෂ්පාදිත රට, වෙළද නාමය, ප්‍රමාණය, කාණ්ඩ අංකය, නිෂ්පාදිත හා කාලය ඉකුත්වන දින, උපරිම සිල්ලර මිල හා අඩංගු දේවල් පැහැදිලිවම සටහන් කළ යුතුයි.

මූලාශ්‍රය – සන්ඩේ ටයිම්ස්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.