ලසිත් මාලිංගගෙන් මහින්දට දැවැන්ත චියර් පාරක්

lasith

ලසිත් රටින් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ අපූරු දේශපාලන සටහනක් තබමිනි. එදා තමන්ගේ පාදයේ ආබාධයක් හටගත් අවස්ථාවේ කිසි කෙනෙක් තමන් ගැන සොයා නොබැලූ කලක- මහින්ද රාජපක්ෂ මැදිහත්වී එලියන්ත වයිට් (වෛද්‍යවරයා ?) ගේ සහයෝගය ලබාගෙන තමන්ගේ ආබාධය සුව නොකලානම් තවත් දොළොස් වසරක් තමන්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොලැබෙන බව ලසිත් මාලිංග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කියා සිටියේ ප්‍රේක්ෂකයින්ගේ දැඩි සහ උණුසුම් ප්‍රතිචාර මැද්දේය.

මහින්ද රාජපක්ෂ යන නම කියද්දී ලැබුනු ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ හිටපු ජනාධිපතිවරයා මාමයිට් හා සම බවය. එනම් ඔහුට කැමති අය ඔහුට අතිශයින්ම ප්‍රියකරන අතර ඔහුට අකමැතිය අයවලුන් දැඩි ලෙස විරෝධය දක්වන බවය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාගේ හදවත් දිනාගෙන ඇත්තෙක් බව ලසිත් මාලිංග ගේ වචන වලින් හෙලිදරව් විය.

ලසිත් මාලිංග කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ එලියන්ත වයිට් හට පින් දෙන බවය. මෙවැනි ප්‍රශංසාවක් ලබාගත හැකි කීදෙනෙක් වර්තමාන එක්සත් ජාතික පක්ෂ ඔබ තුළ සිටිද යන්න ප්‍රශ්නයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.