
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිධූර අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරිපත් වීම දේශයේ නව මංපෙතක් සලකුණු කරන බවයි බ්‍රිතාන්‍ය පරිගණක සංගමය වරලක් සාමාජික හර්ෂ විජයවර්ධන පවසන්නේ.
පවතින රජයේ අකාර්යක්ෂමතාවය සහ අනාරක්ෂිත ක්‍රියාපිළිවෙත් හමුවේ වඩා හොඳ රටක් ගොඩ නිසැක වරම ගෝඨාභය රාජපක්ෂට හිමි බවයි හර්ෂ විජේවර්ධන පෙන්වාදෙන්නේ.
සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බෞද්ධ ආදී භේදයකින් තොරව සියලුදෙනාම ශක්තිමත් නායකත්වයක් පතන බව කියන විජයවර්ධනගේ තර්කය වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය රඳා පවතින්නේ කවර රාජ්‍ය තන්ත්රයක් ගොඩනැඟීම මත බවයි.
ඔහු අකුරු සම්‍යක් දකී. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ දකුණෙන් පැමිණ රාජ්‍යත්වය ලබා ගත් මානවම්ම රජතුමා ගේ ක්‍රියා කලාපය අතර ඇති සමානතාවයි . එදා ශ්‍රී ලංකාවේ මහාතිත්ථ හෙවත් මන්නාරම් වරාය දකුණු ආසියාවේ ඉතා කාර්යබහුල වරායක් වූ අතර බොහෝ රටවල් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සිදු කළේ මේ වරාය හරහා ය. මානවම්ම රජතුමා ඉතා කාර්යක්ෂම ලෙස මෙහෙයවමින් භූගෝලීය පිහිටීමේ උපරිම ඵල නෙලා ගත්තේය.
එදා පර්සියානු අධිරාජ්‍ය සහ අධිරාජ්‍යය සහ සෙසු ජාත්‍යන්තර ගනුදෙනු මන්නාරම හරහා සිදු කළ ආකාරයටම වර්තමානයේ දීත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම කේන්ද්‍රිය සාධකයක් ලෙස යොදා ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ රටාව තුළ සෞභාග්‍යමත් අනාගතයක් අත්පත් කර ගැනීම සඳහා වූ නායකත්වය ලබාදීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ සතු බව හර්ෂ විජේවර්ධන පවසයි.
ක්‍රිස්තු වර්ෂ 7 වන ශත වර්ෂයේදී මානවම්ම රජු හට මන්නාරමේ භූගෝලීය පිහිටීමේ ක්‍රමෝපායික වාසිය ලබාගත හැකිවූයේ ස්ථාවර රාජ්‍යයක් පිහිටුවීම තුළින් බවයි හර්ෂ විජේවර්ධන කියා සිටින්නේ. මානවම්ම රජ දවස හෙළයේ වැසියන් සෞභාග්‍යවත් ජීවිතයකට උරුමකම් කියා සිටි අතර පුරා වසර තුන්සියක පමණ කාලයක් අනුරාධපුරයේ කේන්ද්‍රය කර ගැන බලවත් රාජ්‍යයක් බිහි විය
ඇමරිකාව හා චීනය අතර වූ බල තුලනය පවත්වාගෙන යමින් නැගෙනහිර හා බටහිර අතර බිහිදොරක් වෙමින් ශ්‍රී ලංකාව පෙරට ගෙන යෑමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ සතු බව හර්ෂ විජයවර්ධන තර්ක කරයි.
මේ සඳහා අවශ්‍ය ය මාර්ග සිතියම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් තුළින් ම ජනිත වූ බවයි හර්ෂ විජේවර්ධන පෙන්වාදෙන්නේ.