ලිංගික අධ්‍යාපනයට මොනවද උගන්වන්නේ?

දැනට පාසැල් වල ලිංගික අධ්‍යාපන පාඩම යනු ගුරුවරිය ලැජ්ජාවෙන් හැකිලෙමින් බිම බලාගෙන වචන කීපයක් තෙපළන පාඩමකි. එසේත් නැතිනම් දරුවන්ට ගෙදරදි පාඩම දාගෙන නෑ කියන විෂය විෂයකි. ඇතැමුන් අර්ථ දක්වන ආකාරයට විෂයෙ නම පදානුගත ලෙස පරිවර්තනය කිරීම නිසා වැඩ වරද්දාගත් විෂයකි එය sex education ( ලිංගික අධ්‍යාපනය) sexuality education (“ලිංගිකත්ව අධ්‍යාපනය”) ලෙස වෙනස් විය යුතුය.

ඉතිහාසය

ලිංගිකත්ව අධ්‍යාපනය සමහරුන්ට ඇඟ ලොමු දැහැගැන්වෙන වචනයක් වුවත්මු 1955 තාම ඈත කාලයකදී ස්වීඩනයට මෙම විෂය හඳුන්වා දී තිබේ. මුල්ම කාලයේ අරමුණ වූයේ අනවශ්‍ය ගැබ් ගැන්වීම් වළක්වාලීමයි. ලිංගිකත්වය සබුද්ධික හඳුනාගෙන එයත් තමන්ටත් අනුන්ටත් බලපාන අන්දම තේරුම්ගෙන ඒ අනුව දැනුවත්ව ක්‍රියාත්මක වීම පාසැල් ලිංගිකත්ව අධ්‍යාපනය මූලික අරමුණ ලෙස දක්වා තිබෙනවා. රෝ වෙබ්අඩවියේ පළවු ලිපියකට අනුව ලිංගිකත්ව අධ්‍යාපනය පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය කරනවා.

සිපගැනීම, වැළඳගැනීම, හෝ ස්පර්ශ කිරීම මඟින් කෙනෙක් තවත් කෙනෙකුට ඇති ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා දරුවන් දැනුම්වත් කරනවා
ඒ අතරෙම දරුවෙක්ව ස්පර්ශ කිරීමේ දී හොඳ ස්පර්ශය (good touch) සහ නරක ස්පර්ශය (bad touch) හඳුනාගන්න දරුවා පුරුදු කරන අතරම, නරක ස්පර්ශයක දී ක්‍රියා කළ යුතු ආකාරයත් දරුවන්ට කියලා දෙනවා වගේම පුරුදු පුහුණු කරනවා වයස අවුරුදු 9 – 12 දක්වා ළමයින් සඳහා
කායික හෝ මානසික ලිංගික උත්තේජනයකට කාන්තාවක් හෝ පිරිමියෙක් ප්‍රතිචාර දක්වන්නේ කොහොම ද කියන කාරණාවත්, ප්‍රතිචාර දැක්වීමේ දී සිද්ධවෙන කායික මානසික වෙනස් කම් විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙනවා.

ස්වයංවින්දනය මානසික ලිංගික උත්තේජනයක් තුළින් සිදුකරන බවත්, ඉන් ශාරීරික හානියක් නොවෙන බවත්, එය පෞද්ගලික කාර්යයක් බවත් පැහැදිලි කරලා දෙනවා මෙතන දී අවධාරණය කරන්න ඔන දේ තමයි ඇති දේ ඇති සැටියෙන් පැහැදිලි කරලා දීමක් මිස අතිශෝක්තියෙන් වර්ණනා කිරීමක් මෙතන දී සිද්ධ වෙන්නෙ නෑ කියන කාරණාව.

ලිංගික සම්බන්ධතා පමා කිරීමේ හෝ ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීමේ වාසි සහ අවාසි පිළිබඳ දරුවන් දැනුම්වත් කරනවා. අනවශ්‍ය ගැබ් ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීමට හොඳම ක්‍රමය ලිංගික සම්බන්ධතා පමා කිරීම බව පැහැදිලි කරලා දෙනවා. ඒ අතර ම ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීම තමන්ගේ අනාගත ඉලක්කවලට බලපාන්නෙ මොන විදියට ද කියලා දැනුම්වත් කරනවා. වයස අවුරුදු 12 – 15 දක්වා ළමයින් සඳහා
ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර දැක්විම කායික සහ මානසික ප්‍රතිචාරවල එකතුවක් බවත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථාව අනුව වෙනස් වෙන බවත් පැහැදිලි කරනවා.

ලිංගික චර්යාවන් පිළිබඳ සාමාජිය හා සංස්කෘතික මිත්‍යා මත පවතින බවත්, ඒවා බැහැර කර විද්‍යාත්මක තොරතුරු සොයාගැනිම වැදගත් බවත් උගන්වන අතරෙම මිත්‍යා මත හඳුනාගන්නත් විද්‍යාත්මක තොරතුරු සොයාගන්නත් පුරුදු පුහුණු කරනවා.  ලිංගික චර්යාවන් පිළිබඳ තමන් ගන්නා තීරණ තමන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්මට බලපාන බවත්, ඒ තීරණ පෞද්ගලික බවත්, කාලයත් සමග වෙනස් කරගත හැකි බවත් පැහැදිලි කරනවා. ඒත් එක්කම නිවැරදි තිරණ ගන්නත් වෙනත් කෙනෙකුගේ තිරණයට ගරු කරන්නත් පුරුදු පුහුණු කරනවා.  ලිංගික සම්බන්ධතාවක් නිසා සිදුවෙන හානිකර ප්‍රතිඵල (අනවශ්‍ය ගැබ් ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග) වලක්වා ගන්න පුළුවන් ක්‍රම සහ විධි ගැන දැනුම්වත් කරනවා.
මුදල් හෝ භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ලිංගික ක්‍රියාවන්වල යෙදීම හානිදායක බවත්, එවැනි අවස්තාවලින් මිදෙන්නේ කොහොමද කියලත් දැනුම්වත් කරනවා.

වයස අවුරුදු 15 – 18+ දක්වා ළමයින් සහ තරුණයන් සඳහා ලිංගික හැසිරීම් හෝ සම්බන්ධතා මඟින් සතුට ලැබිය හැකි නමුත් එහිදි තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වගකීම් සහගත වියයුතු බව පැහැදිලි කරනවා. ලිංගික හැසිරීම් හෝ සම්බන්ධතා පිළිබඳ තිරණ ගැනිමට පෙර අනවශ්‍ය ගැබ්ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීමට හැකි ක්‍රමයන් ගැන අවධානය යොමුකළ යුතු බවත්, අවශ්‍ය අවස්තාවක දී එම ක්‍රමයන් අනුගමනය කළ යුතු බවත් පැහැදිලි කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.