ලිංගික අපයෝජනයට ලක්ව කෝච්චිය පැනීමට ගිය පොඩි හාමුදුරුවෝ පොලිසිය බේරාගනියි

monk

බෙන්තොට ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබා ලබමින් සිටි මෙම සාමණේර හිමිනමට බරපතල සිදුවූ ලිංගික අපයෝජනයකින් අනතුරුව උන්වහන්සේ දුම්රියට පැන දිවිනසා ගැනීමට පන්සලෙන් පැන දුවද්දී අලූත්ගම පොලිසිය විසින් එහෙම සාමණේර හිමි නම බේරාගෙන ඇත.

සාමණේර හිමිනමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම සැකකාර විහාරාධිපති හිමියන් පිරිවෙනක්ද පවත්වාගගෙන යන අතර මොනරාගල වැනි දුරබැහැර ප්‍රදේශවල දුප්පත් දරුවන් මෙම විහාරස්ථානයේ පැවිදි කරවා ගැනීම සිදුකර ඉන්පසු පිරිවෙන වෙත යොමුකර අධ්‍යාපනය ලබා දෙයි.

එසේ අධ්‍යාපනය ලබා ලබමින් සිටි මෙම සාමණේර හිමිනමට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇතැයි පැවසේ.

සාමණේර හිමිනම බෙන්තොට පොලීසියට භාරදී ඇත.

බෙන්තොට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන පසුගිය 18 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව සැකකාර හිමිනම දින 14 කට රක්ෂිත බන්ධනාගාර කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.