ලෙනින් උසාවියේ නැහැ-උසාවිය තවමත් නිහඬයි

silence-in-the-courtsප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඩයි” චිත්‍රපටය තිරගත කිරිමට තිබු වාරණ නියෝගය හෙට (20) දක්වා දිර්ඝ කිරිමට කොළඹ දිසා විනිසුරු එම්.එම්.යු. ගුණවර්ධන මහතා අද (19) නියෝග කර තිබේ. ඒ අදාළ පැමිණිලි පාර්ශවය නොපැමිනීම හේතුවෙනි.
මේ සමඟම ප්‍රේක්ෂක අයිතිය කඩවීම පිලිබඳ ගැටළුවක් මතුවේ.චිත්‍රපටිය තිරගත වීමට තිබුනේ පසුගිය සතියේය.

තමන් ස්ත්‍රී දූෂණයක් කළ බවට පළ වූ පුවතක් පාදක කරගනිමින් මෙම වාර්ථමය චිත්‍රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ අතුරු තහනම් නියෝගය ඉල්ලමින් ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් කර තිබී ඇත. හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ඉදිරියේ වැරදිකරු බවට පත් වී වැඩ තහනමටද ලක්ව සිටින්නෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.