
ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම අනුව පළමු විශ්වවිද්‍යාල පන්සියය අතරට එක් වීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හැකිවී තිබේ. මෙම ජයග්‍රහණය වෙබෝමෙටි්රක් රෑන්කින් (webomettric ranking) මත තීරණය වේ. ලෝකයේ විද්වතුන් සහ බුද්ධිමතුන් හොඳම විශ්වවිද්‍යාලයක් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණෙන්නේ මෙම නියමයට අනුවය.
මෙම තත්වය ලංකාවේ විශ්වවිද්‍යාල කිසිවක් විසින් මෙතෙක් හිමි කරගෙන නොතිබූ ජයග්‍රහණයකි.එපමනක් නොව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් ඉතිහාසයේ ප්‍රථම වරට උදාකර ගත් අවස්ථාවක් ද වේ.
මෙම ශ්‍රේණිගත කිරීම මැඞ්රිඞ් හි පිහිටි ස්පා Spanish National ජාතික පර්යේෂණ කවුන්සිලයේ (CSIC) පර්යේෂණ කණ්ඩායමක් වන සයිබර්මෙටි්රක්ස් විද්‍යාගාරය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
වෙබ්මෙටි්රක්ස් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම යනුවෙන් අදහස් කරන්නේ විශ්වවිද්‍යාල වෙබ් අඩවි පැවැත්ම, දෘශ්‍යතාව සහ වෙබ් ප්‍රවේශය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීමේ පද්ධතියකි.