වතු කම්කරුවෝ සිවුවන දිනටත් උද්ඝෝෂණයේ

Hatton Statesතම දෛනික වැටුප රුපියල් දහස (Rs. 1000) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකමිකරුවෝ සිවවන දිනටත් ප‍්‍රධාන මාර්ගවලට පිවිස ඊයේ උද්ඝෝෂණය කළහ. මේ හේතුවෙන් හැටන් මස්කෙළීය බගවන්තලාව ආගරපතන පුඩළුඔය කොටගල තලවාකැලේ ගිනිගත්හේන ප‍්‍රධාන මාර්ග අවහිර කිරීම නිසා උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා වරින් වර ගමනා ගමනය ඇණ හිටිනි.

වතුකමිකරුවන් පවසන්නේ තමන්ගේ වැටුප් වැඩි කිරිම සමිබන්ධයෙන් පැවති සාකච්ඡුා අසාර්ථක වූ බවය. තමන්ට සාධාරණ වැටුපක් ලබා දීමට වතු සමාගම් කි‍්‍රයා කර නොමැති බවය. වතුකමිකරුවන් අවධාරණය කර සිටින්නේ දැනට පවතින ජීවන වියදම අනුව දිනක වැටුප රැුපියල් දහස දක්වා ඉහළ යායුතු බවය. තේ කිලෝවක නිෂ්පාදිත වියදම හා ලෝක වෙළදපොළේ තේ කිලෝවක් සදහා දැනට ලැබෙන මිළ අනුව වතුකමිකරුවන්ගේ වැටුප රැපියල් හයසිය හැත්තෑ පහ (Rs. 775) දක්වා වැඩි කිරිමට වතු සමාගම් එකග වුවද එය ප‍්‍රමාණවත් නොවන බව වතු කම්කරුවො පවසති.

හැටන් නගර මධ්‍ය වතුකමිකරුවන් උද්ඝෝෂණයේ නියලි අයුරු

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.