වන්දි ගෙවන්නේ කාගේ මුදලින්ද?

telideniyaමහනුවර පැවැති නොසන්සුන්කාරී වතාවරණයත් සමඟ සිදුවූ පහර දීම් වලින් හානිවූ පූජනීය ස්ථාන හා පෞද්ගලික දේපොළ වල වටිනාකම් තක්සේරු කිරීම සතියක් ඇතුළත නිමකර වන්දි ලබා දීම් කඩිනමින් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. තක්සේරු කිරීම් පිළිබඳ අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා හෝ ඊට පෙර බාර දෙන ලෙස දැනුම් දුන් අගමැතිවරයා ගැටුම් වලින් මියගිය තිදෙනාගේ පවුල් වලට මූළික පියවරක් ලෙස රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් 12 වනදා වන විට ලබා දෙන ලෙසද උපදෙස් දුන්නේය.

වන්දි ගෙවීම ගැටළුවක්ග නොවුනත්වී වන්දි ගෙවන්නේ කාගේ මුදලින්ද යන ප්‍රශ්නය මතුවේ. පහරදීමේ චෝදනා වලට වැරදිකරුවන් වන පුද්ගලයින් ගේ දේපළ රාජසන්තක කොට ඔවුන් ගේ දේපළ වලින් වන්දි ගෙවීමට කටයුතු කල යුතු බව විච්රකයින් පෙන්වා දෙති.

මියගිය අය එම පවුල් වල ආදායම් උපයන්නන් බැවින් ඔවුන්ගේ මරණ සමග එම පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත් ඔවුන්ට මාසිකව ස්ථිර දීමනාවක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉදිරි සතියේ රැස්වන කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර මෙම වන්දි මුදල වැඩිකර එක් පවුලකට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ලබා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.