වඳවී ගියා යැයි සිතා සිටි කළු කොටියෙක් මධ්‍යම කදුකරයෙන් හමුවෙයි

ලංකාවේ ජීවත්ව සිටි වඳවී ගියා යැයි සැලකූ කළු කොටි වර්ගයේ සතෙකු පිළිබදව සොයා ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇත. මෙරට වනජීවී ආරක්‍ෂණ කාලප තුළ දිවිගෙවන කොටියන් පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණයකදී මෙම කළු කොටියා හමුවී තිබේ.

මෙම කළු කොටියා පිරිමි සතෙක් බවත්, මධ්‍යම කඳුකරයේ සුවිශේෂී ස්ථානයක ස්ථානගත කර තිබූ කැමරාවක් මගින් ඡායාරූප ගතකරගත් බවත් පර්යේෂණයේ නියුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරි මාලක අබේවර්ධන මහත ප්‍රකාශ කරයි.

ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප‍්‍රදේශ කිහිපයක හා සිංහරාජ අඩවියේ කළු කොටින් වාසය කරන බවට තොරතුරු ලැබී ඇත.

මෙම සත්ත්වයා බළල් පවුලේ වෙනම සාමාජිකයකු නොව ශ‍්‍රී ලංකාවට ආවේණික ශ‍්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා ගේම වර්ණ ප‍්‍රභේදයක් බවද වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ප්‍රකාහකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.