වරද ඔප්පු වනතුරු සේවිකාව නිර්දෝෂයි – ස්විට්සර්ලන්තය

Garnier Banister Francis

වරද නීතියෙන් සනාථ වන තුරු චූදිතයා නිර්දෝෂී ය යන මූලධර්මය මත පිහිටා තමන් කටයුතු කරන බව ස්විට්සර්ලන්තය කියා සිටී. මේ ප්‍රකාශක සමඟ පෙනී යන්නේ ය තානාපති සේවිකාව පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මතුවූ චෝදනා ආශ්‍රිත ගැටලුව තවදුරටත් දිග්ගැසුණු තිබෙන බවයි.

ඇගේ සෞඛ්‍ය සැලකිල්ලට ගෙන ඇයව වඩාත් සුදුසු ස්ථානයක් වන රෝග ලක් කරා මාරු කර යවන ලෙස තානාපති කාර්යාලයේ ඉල්ලීමක් කොට ඇත. පළපුරුදු තානාපති නිලධාරියෙකු වන Jörg Frieden සිද්ධිය පිළිබඳ කරන විමර්ශනවලින් වැඩි දුරටත් කරුණු පැහැදිලි කර ගත හැකි වෙනු ඇතැයි ස්විට්සර්ලන්තය විශ්වාස කරයි.

ස්විට්සර්ලන්තය විදේශ අමාත්‍යංශයේ Ignazio Cassis සහ විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් පැවති බවත් තමන්ගේ සේවිකාව රක්ෂිත බන්ධනාගාරයට පත්කිරීම සහ ඇගේ සෞඛ්‍ය පිළිබඳ නිසි අවධානයක් නොදැක්වීම ගැන තමන්ගේ කනස්සල්ල එහිදී ප්‍රකාශ කළ බවත් ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය නිවේදනයෙන් කියැවේ.

ස්විට්සර්ලන්තයේ දිගින් දිගටම මෙයාකාරයට තමන්ගේ සේවිකාව වෙනුවෙන් පෙනී සිටින හේතුව රාජ්‍ය තාන්ත්‍රික විචාරකයින් අතරේ ිෂ සාකච්ඡාවක් හැකිවී ඇත. මේ සිදුවීමේදී සේවිකාව නිර්දෝෂී යැයි ස්විට්සර්ලන්තය දැඩිව විශ්වාස කරනවා විය හැකිය.

එසේත් නැතිනම් තමන්ට එල්ල විය හැකි බරපතළ චෝදනා හමුවේ ගැලවීම සඳහා ආරක්ෂණ යන්ත්‍රයක් ලෙස මේ පෙනී සිටීම ඉවහල් ක් කරගන්නවා යන මතය විචාරකයන් අතර පැනනැගී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.