වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට ප්‍රහාරයක්……………
දිනසේන රතුගමගේ
”තීපම්”පුවත්පතේ සේවය කරණ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට 27 දා අළුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් ජීවිත හානි සිදුව නැතත් ගෝකුලන්ගේ නිවසේ දොර හා ජනෙල් වලට අලාබහානි සිදුව තිබේ.
සිද්ධිය පිළිබදව වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. සිද්ධියට මුහුණ පා සිටින මාධ්‍යවේදී ගෝකුලන් කියා සිටියේ තමන්ට මෑතක සිට නාදුනන පිරිසක් දුරකතන පණිවුඩ මගින් තර්ජන එල්ල කරණ බවයි.
රාතියේදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් එම ප්‍රහාරයෙන් පසුව තමන්ට මරණීය තර්ජන එල්ල කරණ බවත් ඔහු කියා සිටියේය. මෙම තර්ජන නිසා තමන්ට ජීවිතය පිළිබදව විශාල අවදානමක් ඇති වී තිබෙන බැවින් වහාම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තමන්ගේ ජීවිත ආරක්ෂාව සහතික කොට දෙන මෙන්ද ඔහු පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ. වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.