වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා ගෝත්‍රිකයෙක්

ben-stokes

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් මේ වන විට බොහෝ සම්මානවලට නිර්දේශ වෙමින් සිටී. එහෙත්, ඔබ අපේක්ෂා නොකරන සම්මානයක් වෙනුවෙන් ඔහු නිර්දේශ වී තිබේ.

ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූ ඔහු නිර්දේශ වී ඇත්තේ, වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයටය.

තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.

“ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ. ඒත් ඔහු ක්‍රයිස්ට්චර්ච්වල ඉපදුණේ. ඔහුගේ දෙමාපියනුත් දැන් ඉන්නේ නවසීලන්තයේ. ඒ වගේ ම ඔහු මාඕරි ආදිවාසී පරපුරට සබඳතා ඇත්තෙක්. ඒ නිසා ඔහු නිර්දේශ කරන්න පුළුවන් යැයි සිතන ‘කිවි’වරුන් ඉන්නවා” එම සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු වන කැමරන් බෙනට් පැවසීය

එදා කඳුළු – අද සිනහ

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන්ජමින් ඇන්ඩෲ ස්ටෝක්ස් හෙවත් බෙන් ස්ටෝක්ස් 2016 වසරේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තයට නිශ්චිතව ජය ගත හැකිව තිබූ කුසලානය අහිමි කරගෙන පිටිය මැද හඬා වැටුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.