වසර 220 කට පසුව සර්වේ ජනරාල් තනතුරට කාන්තාවක්

shamalee

වසර දෙසිය විස්සක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පනස්වෙනි තව ජනරාල් තනතුරට ශාමලී පෙරේරා මහත්මිය පත්ව ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා ශාමලී කුමාරස්වාමි අනුස්මරණ ප්‍රදානයද ලබාගෙන විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සහකාර කථිකාචාර්ය ධූරයකට මුලින්ම එක්වූවාය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දියතලාව පුහුණු මධ්‍යස්ථානයට ගිය විට මෙම කණ්ඩායමේ විසි දෙදෙනා අතර සිටි එකම කාන්තාව වූයේ ශයාමලීය. ගංගා ඇළදොළ තරණය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මිනුම් කටයුතුවල යෙදීම ඇගේ මුල්ම කාර්යය විය.

මිනුම් උපකරණ අතින් ගෙන බෑගයක් කරේ එල්ලාගෙන ගිය ගමන 24 හැවිරිදි තරුණියකට දුෂ්කර කාර්යයක් විය. නෙදර්ලන්තයට ගිය ඇය දුරස්ථ මිනුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබුවාය. මුළු ශ්‍රී ලංකාව මිනුම් කරණයට ලක් වන බිම්සවිය වැඩපිළිවෙළට ඇය නායකත්වය දුන්නා ය. වෘත්තීය බවින් පිරිපුන් මිනුම් සේවාවක් ගොඩනැඟීම ඇගේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.