වස විස නැතිව කාල විතරක් මදි, අදින්න පළදින්නත් ඕනි

soivaකාබනික ආහාර ගැන පමණක් අවදානය යොමු කලාට එය ප්‍රමාණවත් නොවන බවත් ඇඳුම් පැළදුම් සනීපාරක්ෂාව ගමන බිමන යන සියළුම දේ වස විසෙන් තොර ඒවා විය යුතු බවත් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී SOiVA Telecom නම් කොරියානු ආයෝජකයන් කණ්ඩායම පැවසීය.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුනේ ලංකාවේ තමන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්ෂ්ත්‍ර පිළිබඳවා මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණිනි. ගොවියන් කාබනික ගොවිතැන කෙරෙහි නැඹුරු කිරීම, පවතින කාබනික නිෂ්පාදවල අගය වැඩි කිරීමේ ක්‍රියාවලි හදුන්වාදීම හා ඔවුන් විසින් නිපදවන භාණ්ඩ චීනය, කොරියාව ආදී රටවලට අපනයනය කිරීම මෙම ආයෝජකයන්ගේ සැලසුම වේ. එසේම මෙරට තුල කාබනික ආහාර නිෂ්පාදන සකස් කිරීම, ආහාර අලෙවිය, පාරිසරික හිතකර සංචාර, ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම, ඔසු වගාව වැනි අංශ දියුණු කිරීම සඳහා මුදල් ආයෝජනය කිරීමට මෙම සමාගම බලාපොරොත්තු වෙයි.

මෙරට ස්ථාපිතව ඇති කාබනික කෘෂිකර්මාන්තයේ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීමට ලංකාවට පැමිණි මෙම කොරියානු අයෝජන කණ්ඩායම ලබන 23 වෙනිදා දක්වා මෙරට රැදී සිටිනු ඇත.

ආයෝජකයන්ගේ සංචාරය තුලදී දඹුල්ල ප‍්‍රදේශයේ කාබනික ආදර්ශ ගොවිපලක් ස්ථාපිත කිරීම සදහා ගොවි සමාගම් සමඟ එකඟ වී ඇති අතර ඒ අනුව බහු විධ අංශයන්ගෙන් සමන්විත කාබනික වගා මධ්‍යස්ථානයක් ගොඩ නගනු ඇත.

එසේම මෙරට පේෂකර්මාන්තය සමග එක්ව කාබනික සනීපාරක්ෂක තුවා නිපදවා ඒවා විදෙස් වෙළඳ පොළට අලෙවි කිරීමේ සැලසුමක් ද ක්‍රියාත්මක වේ.

කොරියානු SOiVA Telecom මෙරට කාබනික නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සමග අවබෝධතා ගිවිසුම්ද අද අත්සන් කළහ.soivasoiva

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.