ව්‍යාජ පැමිණිලි මත දුම්රිය ආරක්ෂක නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

jail Arrest

ත්‍රිකුණාමලය සිට කොළඔ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ රාජකාරීයේ යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බීමතින් රාජකාරි සිදු කරන බවට ව්‍යාජ පැමිණිල්ලක් කොට ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිද්ධියක් වාර්තා වේ.

මහව දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩ වූ නිලධාරීන් පිරිසක් බීමතින් සිටින බවට චෝද නා කරමින් මිඑම්.ඩබ්ලිව්.එස්.විජේරත්න හා ජේ.ඒ .වික්‍රමපාල යන නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අළුයම 02.00 පමණ ගල්ගමුව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී රෝහල් වෛද්‍ය වරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බීමතින් නොසිටින බවට සනාථ කොට තිබේ.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් වෙනත් දුම්රියක ගොඩවී ඊයේ (25 ) පෙරවරු 08.00 පමණ කොටුව දුම්රිය මුලස්ථානයට පැමිණ දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාට පැමිණිලි කොට ඇත .

සාධාරණයක් ඉෂ්ට නොවුණහොත් මම නිලධාරීන් දෙදෙනා නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ඉඩ තිබේ.

මීට අමතරව සිද්ධිය පිළිබදව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාටද පැමිණි කර ඇති අතර සිද්ධිය පිළිබදව සාධාරණයක් ඉටු කරන ලෙස ආරක්ෂක නිලධාරීන් දෙදනා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.