වාර්ෂිකව ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණයන් 40,000 – නඩු ව දශක කීපයක්‌ විභාග වේ

Priyanka Reddy

හයිද්‍රdබාද් නුවරදී පශු වෛද්‍යවරියක වන ප්‍රියංකා රෙඩ්ඩි නමැති තරුණිය දූෂණය කර පුළුස්‌සා ඝාතනය කිරීමේ ය දූෂණයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස්‌ වෙඩි පහරින් පසුගිය සිකුරාදා ජීවිතක්‍ෂයට පත්වීමත් සමග මුළු මහත් ඉන්දියාව පුරා එය උත්සව ශ්‍රීයෙන් සමරන සිද්ධියක්‌ බවට මේවන විට පත්ව තිබේ. සැකකරුවන් පොලිසිය ආයුධ ඔහු තුරා ගැන පළා යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබූ බව පැවසෙන නිල කතාව සැකයෙන් තොරව බොහෝ දෙනා පිළිගන්නා බව පෙනෙන්නට තිබේ.

එය හරිද වැරදිද කියා අපට විවාද කළ හැකිය. ඔහු ස්ත්‍රී දූෂණය ඉන්දියාවේ පැතිරෙන්නේ ඇයි යන ප්‍රශ්නය ද ඇසිය යුතුය. ස්ත්‍රීන් කෙරෙහි තිබෙන ගරුත්වය අඩුවීම සහ අධික ලිංගික පීඩනය මේ සිදුවීම් පසුපසිනි තිබෙන බව සමාජ විද්‍යඥයින් පෙන්වා දෙයි.

අදාළ සැකකරුවන් සිව් දෙනා අපරාධය සිදුවූ ස්‌ථානයට රැගෙන ගිය අවස්‌ථාවේ පොලිසියේ ආයුධ උදුරාගෙන පොලිසියෙන් මිදී පලා යැමට උත්සාහ කිරීමේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් මෙම තරුණයන් මියගොස්‌ තිබේ. ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව වීථි බැස විරෝධය පළ කළේ, සැකකරුවන්ට තමන්ට භාර දෙන ලෙස ඉල්ලමිනි.

ඒ වෙනුවට පොලිසිය වැඩේ බාර ගත් බවක් පෙනෙන්නට තිබේ. මෙසේ කිරීමෙන් ප්‍රශ්න විසඳිය හැකිද? පොලිසියේ ක්‍රියාව අගය කරමින් පැය කීපයක්‌ තුළ ට්‌විටර් පණිවුඩ ලක්‌ෂ තුනකට වැඩි ප්‍රමාණයක්‌ නිකුත් වී තිබේ.

ඉන්දියානු අධිකරණ ක්‍රමයේ ප්‍රමාදය ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්‌ව තිබේ. මේ වන විට ඉන්දීය අධිකරණවල වසර ගණන් විභාගවන දූෂණ නඩු ප්‍රමාණය ලක්‌ෂ එකහමාරකට අධිකය. එවැනි නඩුවක පැමිණිලිකාරිනිය වූ 23 හැවිරිදි තරුණියක පසුගියදා විත්තිකරුවන් විසින් පැහැරගෙන ගොස්‌ පුළුස්‌සා මරා දැමුණේද දැනට දින කීපයකට පෙර ඉන්දියාවේදීමය. ඇතැම් විට මේ නඩු වසර ගණනක්‌ නොව දශක කීපයක්‌ විභාග වේ. 2012 වසරේදී ලොව පුරා අවධානයට ලක්‌වූ ඉන්දියාවේ නව දිල්ලියේ බස්‌ රථයක දූෂණයට ලක්‌වූ නිර්භයාගේ නඩුවේ චූදිතයන් හත්වසරක්‌ තිස්‌සේ තම මරණ දඬුවමට අභියාචනා ඉදිරිපත් කරමින් සිටිති.

27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය නොවැම්බර් 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර යතුරු පැදියේ ටයරයේ පැච් එකක්‌ ගොස්‌ ඇති අතර එය සාදා දෙන මුවාවෙන් පැමිණි සැකකරුවන් ඇය සමූහ දූෂණයට ලක්‌කර තිබූ අතර පසුව දූෂකයන් ඇයගේ සිරුර පුළුස්‌සා දමා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.