වැඩි අසූවද අසුහතරද – දොස්තරලාට ගණන් වරදී

ranil wickramasingheරජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයයේ සමාජිකයින් අගමැති කාර්යාලයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසංහ මහතා හමුවී සාධනීය ලෙස ගැටළුව විසඳා ගත් බව දැනගන්නට ඇත.

මාස ගණනාවක් තිස්සේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සහ සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ද, සිසුන්ව පොලිස් මර්දනයට ලක් කරවමින් ගෙන ගිය ක්‍රියාවලිය අවසානයේදී දොස්තරලාට තවත් එක් ප්‍රශ්නයක් ඇත ඒ මීළඟ නව වෛද්‍ය සභා සභාපති කවුරුන්ද යන්නයි.

වෛද්‍ය සභා සභාපති
අගමැතිගෙන් සහ සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් දොස්තරලා ඉල්ලා සිටියේ නව වෛද්‍ය සභා සභාපතිනිය ලෙස කාලෝට පෙර සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් යලි පත් කරන ලෙසයි. ආණ්ඩුව පත් කිරීමට යන මහාචාර්ය කොල්වින් ගුණරත්නට වයස වැඩි බැවින් ඔහු පත් කිරීමට GMOA විරුද්ධ විය.

මෙහි ඇති අපූරුව නම් මොවුන් කලින් පත් කලේ නැතිනම් වර්ජන කරනවා යැයි කී කාලෝ, කොල්වින් ගුණරත්නට වඩා වයසින් වැඩි වීමයි. කොල්වින් ගුණරත්නට දැන් වයස අසූවකි. කාලෝගේ වයස අසූ හතරකි. පසුගියදා කාලෝ පත් නොකළහොත් වැඩ වර්ජන කරනවා යැයි කී දොස්තරලා අද ඉල්ලා සිටින්නේ සයිටමයට පහසුකම් සැපයූ ලලිතා මෙන්ඩිස් ය.

ලලිතා මෙන්ඩිස් පත් කළ නොහැකි නම් වෛද්‍ය පාලිත අබේකෝන් සභාපතිවරයා ලෙස පත් කරන ලෙස දොස්තරවරු ඉල්ලා සිටියහ. පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ සභාපති ලෙස ඉල්ලීම සෙසු ඉල්ලීම් වලට නොදෙවෙනිය. මන්ද යත් පාලිත අබේකෝන් යනු මේ වන විට එක් ප්‍රකට පුද්ගලික රෝහලක සභාපතිවරයාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.