වැඩි එළවලු පළතුරු තබාගෙන අවාරයට කමු!

fruitsපළතුරු එළවලු අස්වැන්න වැඩි කාලවලදී ඒවා කල් තබා ගැනීමේ ක්‍රමවේදයකට බදුන් කිරීම මගින් අවාරයේදී ආහාරයට ගැනීමට පුළුවන. දැනට ආහාර කල් තබා ගැනීම සඳහා විවිධ ක්‍රම පවතී. ඒ අතරින් ආහාර විජලනය හොඳ කල්තබා ගැනීමේ ක්‍රමයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්ය මධුරජිත් මහතා පෙන්ව දෙයි.

රස කාරක නොමැතිව ආහාර විජලනය කර ඇසුරුම්වල බහා වෙළඳ පොළට යැවීමෙන් අමතර ආදායමක්ද ලබා ගැනීමට හැකියාව පවතින බවයි මහාචාර්යවරයා පවසන්නේ.

මේ වන විටත් විජලනය කරන ලද එළවලු පළතුරු, ටොෆි චොක්ලට් වෙනුවට ආහාරයට ගැනීමට විදේශ රටවල ජනතාව පුරුදුව සිටී.

අප රට සුළඹව පවතින එළවළු මෙන්ම වරකා, ගස්ලබු, පැපොල් අන්නාසි වැනි පලතුරු මෙසේ විජලනය කර කල් තබා ගැනීම ඉතා පහසුවෙන් කළ හැකි වේ.

විජලනය මගින් දිගු කාලයක් ආහාර සුරැකිව තබා ගත හැකි බවත් අධිශිතකරණවල ආහාර තැබීමෙන් විදුලිය සඳහා යන වියදමද ඒ සඳහා එකතුවීමෙන් එම ආහාර වල මිල ඉහල යාමක් දක්නට ලැබෙන බවත් මහාචාර්ය මධුරජිත් මහතා පවසන්නේ. එසේම අධිශීතකළ ආහාර ඉතා කෙටිකලක් ආහාරයට ගැනීමට නුසුදුසු තත්වයට පත්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.