වැන්දේ විදුහල්පතිනියයි – ඌව පළාත් අධ්‍යාපන ලේකම්

principle-1බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය ඊයේ  (25) පැය 10ක් පුරා කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ඌව මහ ඇමැතිවරයා විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි තමා දැන නොසිටි බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය කීවාය. මහ ඇමැතිවරයා ඇය දණ නොගැස්සූ බවත්, ඔහු දිගින් දිගටම විදුහල්පතිනියගෙන් ප්‍රශ්න කරද්දී විදුහල්පතිනිය මහ ඇමැති ඉදිරිපිට වැඳ වැටුණු බව ත් පළාත් අධ්‍යාපන ලේකම්වරිය ප්‍රකාශ කළාය.

පැය 10ක් පුරා සියලු පාර්ශ්වවලින් කරුණු සටහන් කර ගත් අතර තවත් කරුණු ඇත්නම් 30 වැනිදාට පෙර දැනුම් දෙන ලෙස සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙනු ලැබීය.

නිසි අධ්‍යාපනයක් නොලැබුවත් කෝච්චියේ වඩේ විකුණා පළාතේ අධ්‍යාපනය භාර ගැනීමට තරම්ග සුදුසු වූ මහ ඇමතිවරයා අමාරුවේ දැමීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට විදුහල්පතිනියට දඬුවම් කළහොත් පුදුමයට පත් විය නැති යුතු බව මාධ්‍යවේදියෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.