වැරදිකරු වුවත් ලලිත්ට විදෙස් ගමන් තහනම් නැත

lalith-weeratungaසිල් රෙදි නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම පසුගියදා (2) අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාංචන රත්වත්තේ මහතා පැවසුවේ තම සේවාදායකයාට රාජකාරී සහ පෞද්ගලික හේතුන් මත ඕස්ටේ‍්‍රලියාවේ සහ කටාරයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවයි.

දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 20 වැනි දා සිට අපේ‍්‍රල් 30 වැනි දා දක්වා කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලූ කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීන්දු කළේය.

කටාරයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ පෞද්ගලික සංචාරයකට විදෙස් ගත වීමට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.