
වැලිගම වෙරළට ගසාගෙන ආ මුහුදු සිංහයෙකු ටිකවේලාවක් වෙරළේ හිඳ යලිත් මුහුදට ගසා ගෙන ගොස් ඇත. මෙම සත්වයාගේ ශරිරයේ කිහිප තැනක තුවාල තිබූ හෙයින් වහාම ප්‍රතිකාර කිරීම සඳහා මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රධාන නිලධාරි රවීන්ද්‍ර කුමාර මහතා කියාසිටියේ මෙම සත්වයා විදේශ රටක සිට දිය වැලකට මිදිගම පෙදෙසට ගසාගෙන ඇවිත් බවට විශ්වාස කරන බවත්, ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ අවසරය මත පැය ගණනාවකට පසු නාවික හමුදාව සහ වනජීවී නිලධාරීන් හා මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව ගොඩබිමට ගෙනඒමට උත්සාහ ගත්තද එම සත්වයා මෙල්ල කිරීමට තිබූ අපහසුතාවය සමඟ සතා ගැඹුරු මුහුදට ගසාගෙන ගිය අතර එ් සමග ප්‍රතිකාර කිරීමේ කටයුතු ව්‍යර්ථ විය.